පසුගිය පෙබරවාරි මස අගභාගයේදී ආරම්භ වූ කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ නවතම කෙටුම්පතට ඉරානය සිය ප්‍රතිචාරය ලබා දී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ, පාකිස්තාන මැදිහත්කරුවෙකු හරහා මෙම ප්‍රතිචාරය ඊයේ දිනයේදී අමෙරිකාව වෙත භාර දුන් බවයි.
යෝජිත රාමුවට අනුව, මෙම අදියරේ සාකච්ඡා කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීමේ කරුණ කෙරෙහි අවධානය යොමු කරනු ඇත,” යනුවෙන් සඳහන් වුවද ඉරාන ප්‍රතිචාරයේ අඩංගු සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් පුවත් පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිචාරය සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් හෝ පාකිස්තාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
