වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ ඊයේ (10) දින සවස කුඹුරු ඉඩමක් තුල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
වෙල්ලාවලි පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 53 ක් වූ සින්නවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු 2026.05.08 දින සිට අතුරුදන් වී සිටි පුද්ගලයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වෙල්ලාවලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
