සංවිධානාත්මක අපරාධකරු ‘බටුවත්තේ චාමර’ දැඩි ආරක්ෂාව මැද ලංකාවට

අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් ‘බටුවත්තේ චාමර’ ඊයේ (10) රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබෙනවා.

48 හැවිරිදි මොහු රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු දිගු කලක් ඩුබායිහි සැඟව සිටි අතර මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

එතැන් සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත රැගෙන ආ මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10.10 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා .

සැකකරු විසින් තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සදහා අවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ද වේ .

සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය.