ග්‍රාමීය පාලම් 881ක් සංවර්ධනය කරන දැවැන්ත ව්‍යාපෘතිය හෙට ඇරඹේ

දෛනික ගමනාගමනයේදී ජනතාව මුහුණදෙන දුෂ්කරතා හඳුනාගනිමින්, ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වි‍ශේෂ ව්‍යාපෘතියක්, එළඹෙන 14 වැනිදා එනම් හෙට ආරම්භ කෙරෙනවා.

ඒ, “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ. මෙහිදී ග්‍රාමීය පාලම් 881 ක් සංවර්ධනයට ද නියමිතයි.

සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ඉදිකිරීම් සඳහා තෝරාගත් පාලම් 881 ට මෙම වසරේ අයවැය මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

ව්‍යාපෘතිය “ඉවුරු යා කරන ජීවිතය ගොඩනගන” තේමාව යටතේ ක්‍රියාත්මකයි.

මෙහි පළමු අදියර යටතේ, රුපියල් මිලියන 105ක වියදමින් පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කෙරෙනවා.