තුර්කියේ දී ලංකාව බබළවන්න යන අපේ රූ රැජිණිය

“මිස් අවුරා ඉන්ටර්නැෂනල් 2026” රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය දෙවීනා නවීක්ෂි කටුනායක ගුවන් තොටුපොළින් තුර්කියේ අන්තාලියා බලා පිටත්ව ගියා.

ලෝකයේ රටවල් 50 ක් නියෝජනය කරමින් රූ රැජීණියන් මෙම තරගාවලියට සහභාගීවීමට නියමිතයි.

ඊයේ ආරම්භ කෙරුණු තරගාවලිය ලබන මැයි මස 22 වැනිදා දක්වා තුර්කියේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවීනා නවීක්ෂි ‍වෘත්තියෙන් වෛද්‍යවරියක් වීම විශේෂත්වයක්.