මන්නාරමේ – වංගාලපාඩුව මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරින් එක් ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
අද (15) අලුයම මෙම අනතුරින් ධීවර යාත්‍රා දෙකට දැඩි හානි සිදුව තිබෙනවා .
ධීවර යාත්‍රාව පෙරළීමෙන් ධීවරයෙක් දියේ ගිලී අතුරුදන් වූ අතර සෙසු අය විසින් දැඩි පරිශ්‍රමයක් යොදා මිය ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා .
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා .
