ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා .
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (15) මධ්‍යහන 12.00 ට නිකුත්කළ එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි .
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, ගාල්ල, මාතර, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිතවැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතිනවා .
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ .
