ඇහැළියගොඩ, වලවිටවත්ත ප්රදේශයේදී ඊයේ (18) දින දහවල් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 34 ක් වූ ගැටහැත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පිරිසක් යතුරුපැදිවලින් පැමිණ මෙම ඝාතනය සිදු කර පලාගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.