ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර ඊයේ දිනට (18) වසර 17ක් සපිරෙනවා.
