අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන උච්චාවචනයක් සිදුව තිබෙනවා.
මීට පෙර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 5 කින් පමණ ඉහළ ගියද, සටන් විරාමය දීර්ඝ කිරීමේ නිවේදනයත් සමඟ එය යළිත් අමෙරිකානු ඩොලර් 98.97 ක් දක්වා අඩු වුණා.
යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිලට වඩා මෙය තවමත් සියයට 35 ක ඉහළ අගයක් ගන්නා බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
