සන්රයිසස් පෙරමුණට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 47 කින් ජය ගැනීමට සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමත්වුණා. තරගය ඊයේ පැවැත්වුනේ හයිඩ්‍රාබාද් හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 2 ක් දැවී ලකුණු 242 ක් රැස්කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල අභිෂේක් ෂර්මා පන්දු 68 කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 135 ක්.

ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් සහ 6 පහර 10 ක් ඇතුළත්.

ට්‍රැවිස් හෙඩ් සහ හෙන්රිච් ක්ලාසන් ලකුනු 37 බැගින් ලබාගත්තා.

පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 195 ක්.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිශ්ශංක ලකුනු 8කට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිතිෂ් රානා ලකුණු 57 යි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ එෂාන් මාලිංග පන්දුවාර 4 කදී ලකුණු 32කට කඩුලු 4 ක් දවාගත්තා. දිල්ෂාන් මධුසංක කඩුලු 01 යි.