විපක්ෂ නායකගේ හජ් දින පණිවිඩය

හජ් දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

”ජාති, වර්ණ, භේද ඉක්මවා එකම අරමුණකින් එකතු වන හජ් වන්දනය ලෝකයට ලබා දෙන්නේ සාමයේ සහ සමානාත්මතාවයේ උතුම් පණිවිඩයකි. ඒ උතුම් පණිවිඩය තවදුරටත් පසක් කරමින් අපගේ රටටත් ලෝකයටත් සාමය, සංහිඳියාව, එකමුතුව, අවබෝධය හා විශ්වාසය පිරුණු හෙට දවසක් උදාවේවා!

ඊද්-උල්-අද්හා-මුබාරක්!”