අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින්, අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
එම කරුණට අදාළව අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන ගරුතර මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එම සාකච්ඡාව අද, (08) දින ප.ව.1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
