‘අමෙරිකාවට පැහැදිලි උපාය මාර්ගයක් නැහැ’ ජර්මනියෙන් විවේචනයක්

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අතර විශේෂ හමුවක් ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී පවත්වා තිබෙනවා.

එහිදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන ජනතාව සිය ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින ආකාරය ප්‍රශංසනීය බවයි.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ද ‍මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටින්නේ, ඉරානය සමඟ පවතින ගැටුම්වලින් මිදීමට අමෙරිකාවට පැහැදිලි උපාය මාර්ගයක් නොමැති බවයි.