පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 05 ක් සඳහා නාය අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
එය අද රාත්‍රී 9.00 දක්වා බලපැවැත්වෙන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගගකෝරළය හා රත්තොට, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර හා වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ අදියර 01 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කළ බවයි.
