ශිෂ්‍ය ආරක්ෂණය, සුබසාධනය සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ඇතුළත් පොදු ආකෘතියක් මත ප්‍රාථමික පාසල් සංවර්ධනය සිදු විය යුතු බවත්, සෑම දරුවකුටම අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඇති ප්‍රවේශය තහවුරු කිරීම එහි ප්‍රධාන අරමුණ වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඊයේ (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය බව ප්‍රකාශ කළා.
