ගල්කිරියාගම, බළලුවැවේ වැව් බැම්ම මත ඊයේ (26) දින දහවල් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 79ක් වූ ගාලදිවුල් වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත
ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
