එක්සත් ජනපදය විසින් ඉරානයට එල්ල කරන ප්රහාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ ඉරානයද සිය ප්රතිප්රහාර නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
සති දෙකකට ආසන්න කාලයක් දෙපාර්ශ්වය අතර පැවැති දැඩි ප්රහාර හමුවේ රාජ්ය තාන්ත්රික සාකච්ඡා සඳහා ඉඩ ප්රස්ථාව ලබාදීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තනාපති මයික් වෝල්ට්ස් පවසන්නේ.
රාජ්යතාන්ත්රික මට්ටමින් අර්බුදයට විසඳුම් සෙවීමේ ප්රයත්නයන් සක්රීය වීමත් සමඟ කලාපයේ උද්ගතව තිබූ දැඩි උණුසුම්කාරී වාතාවරණය යම් තරමකට සමනය වී ඇති බවයි වාර්තා වන්නේ.
