ඉදිරි වසර තුනක කාලය තුළ හෙද සේවාව සඳහා 13,600ක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම බඳවාගැනීම අදියර කිහිපයක් යටතේ සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කරන ලද රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (14) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
සමස්ත සෞඛ්‍ය සේවාව විවිධ අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන නමුත්, එම තත්ත්වයන් අවම කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජය විසින් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා.
හෙද සේවාව සඳහා බඳවා ගැනීමට නියමිත පිරිසෙන් 50%ක් මෙම වසර තුළම බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
