මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම, ගිණි අවියක් එල්ල කර බියගන්වා තර්ජනය කිරීම යන අපරාධයන්ට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින්.
2026.07.19 වන දින දෙහිවල පොලිස් වසමේ නිසල අරණ සුසාන භූමිය තුළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ ගල්කිස්ස පොලිස් වසමේ දී ගිනි අවියක් එල්ලකර බියගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයන් හි යතුරු පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු ඊයේ (26) දින උදෑසන කාලයේ මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉහත අපරාධ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරු අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන 03 ක්, අපරාධ සිදුකිරීම වෙනුවෙන් සැකකරුට ලබාදී තිබූ රුපියල් ලක්ෂ 02 ක මුදලින් රුපියල් 55,000/= ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.