HIV ෆීජි රාජ්‍යය කළඹයි

ෆීජි රාජ්‍යයේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පරික්ෂණ, ප්‍රතිකාර සහ වැළැක්වීමේ සේවා පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එච්.අයි.වී. සංකූලතා හේතුවෙන් මියයන ළදරුවන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය භාවිතය, අනාරක්ෂිත ලිංගික සබඳතා සහ එන්නත් කටු මෙන්ම රුධිරය හුවමාරු කර ගැනීමේ අන්තරායකර ක්‍රියාකාරකම් මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

වසර පහකට පෙර වැඩිහිටියන් 167 දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස පැවැති ආසාදිත අනුපාතය මේ වන විට වැඩිහිටියන් 60 දෙනෙකුගෙන් එක් අයෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂිත එන්නත් කටු සහ සිරින්ජ ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත්, ආසාදිතයන් කොන්කිරීමෙන් වළකින ලෙසත් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.