වැසි සහිත කාලගුණයත් සමග දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අද උදෑසන විවෘත කළ බව ජලාශය භාර වාරි ඉංජිනේරු කාර්යාලය පවසනවා.
එමගින් දැදුරුඔයට තත්පරයට ඝන අඩි 4200 ක ජල ධාරිතාවක් මුදාහැරෙනවා.
එබැවින් පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන ලෙසයි කුරූණෑගල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.
