ප්රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (15) පෙරවරු 11.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (16) අලුයම 1.00 දක්වා වලංගුයි.
උතුරු මැද, නරගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
