මන්නාරම දිස්ත්රික්කයේ සිලාවතුර අරිප්පු ප්රදේශයේ වෙරළ තීරය සංරක්ෂණය කිරීම, ධීවර ප්රජාව සවිබල ගැන්වීම සහ සංචාරක ආකර්ෂණය දිනාගැනීම අරමුණු කරගත් නව වෙරළ උද්යානය (වෙරළ විවේකී උද්යානය) ඉදිකිරීම සඳහා වන මුල්ගල තැබීම පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (14) සිදු කෙරිණි.
නව රජයේ වෙරළ සංරක්ෂණ ප්රතිපත්තියට අනුව දිවයින පුරා වෙරළ කලාප ආශ්රිතව විවේකී උද්යාන ඉදිකිරීමේ වැඩසටහන් රැසක් මේ වන විටත් සාර්ථකව අවසන් වෙමින් පවතී. ඒ අනුව, මන්නාරම ඩොරික් බංගලාව ආශ්රිත ප්රදේශයේ පවතින ඉහළ සංචාරක විභවය සැලකිල්ලට ගනිමින් මෙම ව්යාපෘතිය ක්රියාවට නැංවිණි.
මෙම වෙරළ උද්යාන වැඩසටහන ඔස්සේ සිලාවතුර අරිප්පු වෙරළ තීරයේ පැවති දැඩි වෙරළ ඛාදන තත්ත්වය පාලනය කර වෙරළ කලාපය ආරක්ෂා කර ගැනීම සඳහාත්, ප්රදේශයේ ධීවර කටයුතුවල නිරත ජනතාවගේ බෝට්ටු නැවැත්වීම සඳහා පවතින පහසුකම් මෙන්ම ඉඩකඩ වැඩිදියුණු කිරීම සඳහාත් අවකාශය සැලසෙනු ඇත.
මෙම ප්රදේශයේ ක්රියාත්මක වෙරළ සංරක්ෂණ ක්රියාවලිය විද්යාත්මක පදනමක් සහිතව පරිසර අමාත්යාංශය සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාර්ථකව සිදු කරනු ලබයි.
