පසුගියදා පිලී පැනීමට ලක්වු ‘‘සාගරිකා‘‘ දුම්රිය අද (27) සිට යළි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසුවේ අදාළ දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවය.
පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමට ලක් වූ අතර එහිදි දුම්රියේ මැදිරි 13න් 11ක් පිලීපැනීමට ලක්විය.
