පසුගිය (25) වන දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රත්මලාන හා ඉඹුල්ගොඩ ප්‍රදේශවලදී අයිස් මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදු කරමින් පවතිනවා.
එම සැකකරුවන් අතරින් වයස අවුරුදු 30 ක් වන පැලෑඳ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු මහරගම පොලිස් වසමේදී ත්‍රීරෝද රථයක් සොරකම් කිරීමට සම්බන්ධ බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර සැකකරුගේ ප්‍රකාශ මත එම ත්‍රීරෝද රථය සහ සැකකරු සඟවා තිබූ තවත් ව්‍යාජ රුපියල් 2000/= මුදල් නෝට්ටු 05 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරුට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව වරෙන්තු නිකුත් වී ඇති බවට ද අනාවරණය වී ඇත.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
