සාමයට පිය මනින හයවන දිනය අද

‘ඒහි­ප­ස්සිකෝ’ සාම පාද යාත්‍රාව අද (27) යක්කල අබේ­සේ­ක­රා­රා­ම­යෙන් ආරම්භ කර කැල­ණිය රජ­මහා විහා­ර­ස්ථා­නය දක්වා ගමන් කිරී­මට නිය­මි­තව තිබෙනවා.

ඊයේ (26) උදෑ­සන තෝලං­ග­මුව ජාතික පාස­ලෙන් ආරම්භ කළ සාම පා ගමන රාත්‍රිය වන විට යක්කල අබේ­සේ­ක­රා­රා­මය දක්වා ගමන් කරනු ලැබුවා.

දැඩි අව් රශ්මිය නොතකා දහස් සංඛ්‍යාත ජන­තා­වක් මෙම සාම පාද යාත්‍රා­වට සහ­භාගි වී සිටිනු දක්නට ලැබුණු අතර උණු­සුම නිසා මාර්ගය රත්වී­මෙන් පා ගමනේ යෙදෙන හිමි­ව­රුන්ට සිදු වන පීඩා අවම කිරීම සඳහා කෙසෙල් කොළ සහ පාවඩ මාර්ගයේ එළී­මට පිය­වර ගෙන තිබුණා.

සාම පා ගමනේ යෙදෙන මහා සංඝ­ර­ත්න­යට මල් පූජා කිරී­ම­ටත් උන්ව­හන්සේ ගමන් ගන්නා මාර්ගයේ මල් ඇතී­රී­ම­ටත් බොහෝ බැති­ම­තුන් කට­යුතු කර තිබෙනවා.

ආග­මික සහ­ජී­ව­නය හා සාමය පිළි­බඳ ලෝක­යට පණි­වු­ඩ­යක් ලබා­දෙ­මින් ගමන් ගන්නා සාම පා ගමන සඳහා බෞද්ධ­යන්ට අම­ත­රව අනෙ­කුත් ආග­මික සහ ජාතික කණ්ඩා­ය­ම්වල පිරිස් ද අන්‍යා­ග­මික නාය­ක­යන් ද සහ­භා­ගී­වීම විශේ­ෂ­ත්ව­යක්.

හෙට (28) දා පෙ.ව.11.00ට කැල­ණිය රජ­මහා විහා­ර­ස්ථා­න­යේදී පාසල් ළම­යින් හා විශ්ව­වි­ද්‍යාල සිසුන් සමග විශේෂ සාක­ච්ඡා­වක් පැවැ­ත්වෙන අතර පසුව කැලණි විහා­ර­යෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන නිද­හස් චතු­ර­ස්‍රය දක්වා පැමි­ණී­මට නිය­මි­තව තිබෙනවා.

හෙට (28) ප.ව. 4.00 ට නිද­හස් චතු­ර­ස්‍ර­යේදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහ­භා­ගි­ත්ව­යෙන් රාජ්‍ය උත්ස­ව­යක් ද පැවැත්වෙනවා.

මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පඤ්ඤා­කර හිමි ඇතුළු නියෝ­ජිත පිරි­සට ශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ අංකුර පැළය නිල වශ­යෙන් භාර දීමට නිය­මි­තයි.

නැවත ප.ව.5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00 ගංගා­රාම විහා­ර­ස්ථා­න­යෙන් අව­සන් කිරී­මට නිය­මි­තව තිබෙනවා.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය, ‘Clean Sri Lanka’ වැඩ­ස­ට­හන, බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය, රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය, ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය සහ ජාතික නිර්මාණ මධ්‍ය­ස්ථා­නය ඇතුළු ආය­තන රැසක් මෙම වැඩ­ස­ට­හ­නට සහාය ලබා දෙනවා.