අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය (26) දින සවස ඓතිහාසික කතරගම පුදබිමට පැමිණ විශේෂ ආගමික වැඩ සටහන් වල නිරතවිය.
පළමුව කතරගම කිරිවෙහෙර වෙත පැමිණි අග්‍රාමාත්‍ය තුමිය කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක කිරිවෙහෙර සෑ රදුන් වන්දනා කර ගනු ලැබිය.
කතරගම දේවාල මලුවට පැමිණි හරිනි අමරසුරිය මොණවිය බස්නායක නිළමේ තිළින මදුසංක මහතා විසින් පිලිගත් අතර අෂ්ටඵල බෝධිය වන්දනා කර කද සුරිදුන් වැඩ සිටින මහා දේවාලය වෙත පැමිණ පළතුරු පුජාවක් තබා දෙවියන් ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගනු ලැබිය.
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවාරාමාධිපති ශ්‍රස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියන් ද බැහැ දැක ආශිර්වාදය ලබා ගන්නා ලදි.
මෙම අවස්ථාව සදහා සමුපකාර සහ වෙළද නියෝජ්‍ය අමාත්‍ය එ.එම් ජයවර්ධන . මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවිර.කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් යන මහතුන් එක් වි සිටියහ.
