යාල්දේවි අද සිට ගමන් අරඹයි

යාල්දේවි දුම්රිය අද (11) සිට යළි ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙනවා.

එම දුම්රිය කොළඹ කොටුව සහ යාපනය කන්කසන්තුරය අතර ක්‍රියාත්මකයි.

ඒ අනුව, යාල්දේවි දුම්රිය සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්හි කොළඹ කොටුව සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කෙරෙන අතර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්හිදී යාපනය කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙනු ඇති.

කොළඹ කොටුවෙන් උදේ 6.40 ට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය කන්කසන්තුරය වෙත පස්වරු 2.33 වන විට ළඟා වනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ කන්කසන්තුරයෙන් උදේ 10.30 ට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය කොළඹ කොටුව වෙත පස්වරු 7.03 වන විට ළඟා වන බවයි.

මෙම දුම්රිය වායු සමනය කළ පළමු පන්තියේ මැදිරි 4 කින් සමන්විතයි.

seatreservation.railway.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දුම්රියේ ආසන වෙන් කරගත හැකියි.